හැනෝයි සිනමා සම්මාන උළෙලේ මරට චිත්‍රපටයකට සම්මාන දෙකක්

By Sithumi Nov 12, 2022 05:59 PM GMT
Sithumi

Sithumi

Report

වියට්නාමයේ හැනෝයිහි පැවති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලෙහි (Hanoi International Film Festival) ප්‍රධානතම තරගකාරී අංශය නියෝජනය කළ ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ "මාරියා" චිත්‍රපටයට, එහි "හොඳම නළුවාට" හිමි සම්මානය මීට සුළු මොහොතකට පෙර හිමිව තිබෙනවා.

හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, දසුන් පතිරණ, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දිසානායක යන ශිල්පීන් හත් දෙනෙක් මේ චිත්‍රපටයට දායකවූ අතර මෙම "හොඳම නළුවා" සම්මානය පිරිනැමුනේ මෙහි රඟපෑ රංගන ශිල්පීන් හත්දෙනාම වෙනුවෙන්ය.