කාන්තාවගේ හිස කඳෙන් වෙන් කරලා..හලාවත ගින්නෙන් මිය ගිය තිදෙනාගේ සිද්ධියේ අලුත්ම කතාවක් එළියට.(UPDATE)

CID - Sri Lanka Police Fire Accident Death
By Aruna Oct 20, 2024 05:46 AM GMT
Aruna

Aruna

Report

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඊයේ (19) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබූ බව අප මීට පෙර වාර්තා කළා.

එහිදී ගින්න හටගත් නිවස තුළ තිබී අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ දියණියගේ සිරුරු සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී සොයාගත් කාන්තාවගේ මළ සිරුරේ ගෙළ සම්පූර්ණයෙන්ම කපා ඉවත්කර තිබූ බවයි වාර්තා වන්නේ.

තෙල් මිල එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.

තෙල් මිල එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.


තොරතුරු අනාවරණය වී ඇත්තේ, මියගොස් ඇති පිරිමි පුද්ගලයා හලාවත ප්‍රදේශයේ ඉඩම් අලෙවි කිරීමේ ව්‍යාපාරයන නිරතව සිටි අයෙක් වන බවත්, කාන්තාව හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවය කළ තැනැත්තියක් බවයි.

මියගොස් ඇති වයස අවුරුදු 15ක දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබූ බවයි පැවසෙන්නේ.

නිවස තුළින් ගින්නක් හටගෙන ඇති බවට දැනගත් පසු එම ගින්න නිවීමට ගිය අවස්ථාවේ නිවස තුළ තිබී මෙම මළ සිරුරු හමුවී ඇත.

මෙය පුද්ගල ඝාතනයක් ද, සියදිවි හානිකර ගැනීමක් ද නැත්නම් වෙනත් හේතුවක් මත සිදූ වූ මරණ ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.