කෙහෙළියගේ නිවසේ මෙහෙකාරියට ඇප
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15දෙනෙකු ඇතුළත් කර රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වැටුප් හා දීමනා වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතාගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙලෙස ඇප මතය මුදා හැරියේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිතව බන්ධනාගාර ගත කර සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.
මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකාරියගේ විදේශ ගමන් තහනම් කරන බවද, ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවයි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කර සිටියේ සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සැකකරු සම්බන්ඳව මේ වන විට කොමිෂන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව අත් අඩංගුවට ගත් මෙම සේවිකාව සම්බන්ධයෙන් විමර්ශන අවසන් බවය.