ගුවන් යානයක් ගොඩනැගිල්ලක වහලය මතට කඩා වැටේ [VIDEO]
By R.rishma
ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් ප්‍රාන්තයේ ගාඩ්නර් ප්‍රදේශයේ නිව් සෙන්චරි ගුවන්තොටුපළ අසල ගොඩනැගිල්ලක වහලයට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇත.
විදේශ මාධ්‍ය වාර්තාවලට අනුව, ගුවන් යානයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර, ඔවුන් දෙදෙනාම වහාම රෝහල් ගත කර ඇත.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, එහි හේතු සොයා බලන බවත් බලධාරීන් පවසා තිබේ.
මේ වන විට අනතුර පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර, විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී.