මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

India Plane Crash Death Sinhala news Breaking News
By Kaushi Jun 17, 2025 07:54 AM GMT
Kaushi

Kaushi

Report

AI-171 ගුවන් අනතුරෙන් මිය ගිය පිරිසෙන් 19 දෙනෙක්ගේ අනන්‍යතාවය DNA පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන ඇති බවට වාර්තා වේ.

ඒ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්ත අමාත්‍ය හර්ෂ සංගවි මහතා විසින් ඉකුත් සෙනසුරාදා දින ප්‍රකාශ කළ ලෙසයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

එසේම අහමදාබාද් සිවිල් රෝහලේ වෛද්‍ය රජ්නිෂ් පටේල් මහතා ප්‍රකාශ කර ඇත්තේ අනතුරට පත් ගුවන් යානයේ පසුපස කොටස යට සිරවී තිබූණු තවත් මළ සිරුරක් ඉකුත් සෙනසුරාදා දින ප්‍රතිසාධනය කර ගැනීමට හැකි වූ බවයි.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

එමෙන්ම තවමත් ගුවන් යානයේ සිටි 241 දෙනාගේ මරණ හැර වෙනත් මරණ සම්බන්ධයෙන් නිල තහවුරු කිරීමක් සිදු කර නැති බව වාර්තා වේ.

ඒ අනුව අමාත්‍ය හර්ෂ සංගවි මහතා පැවසූ ලෙස එයාර් ඉන්දියාවේ බෝයිං 787 ගුවන් අනතුරේ විපතට පත් වූවන්ගේ අවසන් අවශේෂ ඔවුන්ගේ පවුල්වලට භාර දීමේ ක්‍රියාවලිය සෙනසුරාදා දින ආරම්භ කර තිබෙනවා.

ඔහු X හි පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ,

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

“මෙතෙක් DNA සාම්පල 19ක් ගැලපී ඇති අතර, එමගින් විපතට පත්වූවන්ගේ අනන්‍යතාවය තහවුරු කර ඇත.ප්‍රාන්ත අධිකරණ විද්‍යා පර්යේෂණාගාර ඒකකයේ කණ්ඩායම සහ ජාතික අධිකරණ විද්‍යා විශ්වවිද්‍යාලයේ කණ්ඩායම තවත් DNA සාම්පල ගැලපීම සඳහා රාත්‍රිය පුරාම වැඩ කරමින් සිටිති”

එසේම ඔහු මින් පෙර ප්‍රකාශ කළේ,

“ගුජරාත් පුරා සිටින අධිකරණ විද්‍යා විශේෂඥයින් හැර, මධ්‍යම රජය විසින් යවන ලද බොහෝ විශේෂඥයෝ DNA සාම්පල ගැලපීම සඳහා දිවා රාත්‍රී දෙකේම වැඩ කරති. ප්‍රතිඵල ලැබෙන වහාම, පවුල්වලට මළ සිරුරු ඉල්ලා සිටීමට හැකි වන පරිදි ඒවා සිවිල් රෝහල වෙත යවනු ලැබේ,”

අනතුරෙන් යානය B. J. මෙඩිකල් කොලේජ්හි (BJMC) සිසුන් දිවා ආහාරයට රැස් වී සිටි ආහාර ශාලාවට සහ නේවාසිකාගාර ගොඩනැගිලි හතරකට කඩා වැටී තිබුණා.

එහිදී සිදු වූ ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 241 දෙනාගේ මරණ හැර එහි සිදු වූ සෙසු මරණ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් නැති බවද වාර්තා වේ.

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

ඒ පාර පුතානෝට කෙළවීම ඉවරයක් නෑ...විපක්‍ෂ නායකකමත් වැට උඩ

කෙසේ වෙතත් අහමදාබාද් සිවිල් රෝහලේ ශල්‍යකර්ම අංශයේ ප්‍රධානී වෛද්‍ය රජ්නිෂ් පටේල් මහතා, ගුජරාත් රජයේ සහන කොමසාරිස් සහ ආදායම් දෙපාර්තමේන්තුවේ ලේකම් අලෝක් කුමාර් පාණ්ඩේ මහතා හා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ DNA ගැලපීමේ ක්‍රියාවලිය “ඉතා සැලකිල්ලෙන් සිදු කරන සෙමින් ක්‍රියාවලියක්” ලෙසයි.

එසේම ඒ වෙනුවෙන් සාමාන්‍යයෙන් පැය 72ක කාලයක් අවශ්‍ය වන බවත් පවසා ඇත.

එසේම ගුවන් සේවය මඟින් කලින් ප්‍රකාශයට පත් කළ රුපියල් කෝටි 1ක මුදලට අමතරව, මිය ගිය අයගේ පවුල්වලට මෙන්ම දිවි ගලවා ගත් අයට ද රුපියල් ලක්ෂ 25ක වහාම මූල්‍ය ආධාරයක් ලබා දීමට ගුවන් සේවය තීරණය කර ඇති බව වාර්තා වේ.

එහෙත් අඳාළ වන්දි ලබාදීමට පෙර DNA තහවුරුවීම වැදගත් බව ද සඳහන්.

කථානායකට බම්බු ගහගන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු එළියට බහී

කථානායකට බම්බු ගහගන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු එළියට බහී

ReeCha