ගිනිමැල්ලගහදී වෙඩි ප්‍රහාරයක්
Sri Lanka Police
Sinhala news
By Mithu
රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබෙනවා.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් මෙලෙස කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
