උදෑසනම වෙඩි තැබීමක් - පුද්ගලයෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Shooting Sri Lanka Crime Gun Shooting
By krishani May 20, 2023 02:34 AM GMT
krishani

krishani

Report

අද (20) උදෑසන, බොරැල්ල - ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

ඒ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙසේ වෙඩි තැබීම සිදුකර ඇත්තේ.

පොලිසිය පැවසුවේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කළ බවයි.

තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය අතර මිය ගිය පුද්ගලයා වයස 53ක් වන කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මෙම වෙඩි තිබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join