කංසා ගැන මෙරටින් ගත්ත විශේෂ තීරණයකට අනුමැතිය..
මෙරට ඖෂධීය කංසා වගා කර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ ය.
ඒ සඳහා විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේ දී සිදුකරන බව අදහස් දක්වමින් සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ය.
එමෙන්ම, මේ සඳහා දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව හිමි වේ.
ඒ සඳහා සිදුකරනු ලබන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළයුතු බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.