ට්‍රක් රථයක් නිසා අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්

Report

ඉන්දියාවේ තෙළඟනා ප්‍රාන්තයේ රංග රෙඩ්ඩි දිස්ත්‍රික්කයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

හයිද්‍රාබාද් බිජාපූර් අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් සහ බොරළු පටවාගත් ට්‍රක් රථයක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙහෙලිය පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ

කෙහෙලිය පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ

 එහිදී මිය ගිය පුද්ගලයින් අතරට මාස 10ක් වයසැති බිළිඳෙකු මෙන්ම කාන්තාවන් 10 දෙනෙකුද අයත් වේ.

මෙලෙස තුවාල ලැබූ ඇතැම් පුද්ගලයන්ගේ තත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර‍‍‍යි.

මෙම බස් රථයේ සහ ට්‍රක්රථයේ රියදුරන් දෙදෙනාද තුවාල ලබා තිබේ .

තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරක් - එක් අයෙක් ජීවිතක්ෂයට