කෙහෙලිය පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ

Report

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබේ.

මෙම පෙත්සම් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් ඉදිරිපත් කර තිබුණි. අදාළ පෙත්සම් පිළිබඳ මූලික කරුණු සලකා බැලීමෙන් පසුව, ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලයක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

වාහන ආනයනය පිළිබඳව සුභම සුභ පණිවිඩයක් - රජයෙන් කරන දේ මෙන්න

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකළේය.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙනි.

බරපතළ චෝදනා සමඟ අධිකරණ සේවයේ ප්‍රබලයෝ 20ක් සේවයෙන් නෙරපයි

බරපතළ චෝදනා සමඟ අධිකරණ සේවයේ ප්‍රබලයෝ 20ක් සේවයෙන් නෙරපයි