මෙන්න මේ මාර්ග වල ගමනාගමනය සීමා කරයි

Report

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දීමක් සිදුකර ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ (2025.11.01 වන දින සිට 2026.01.31 වන දින දක්වා ) පාලමක් ඉදිකිරීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව, මෙහි පළමු අදියරයේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට සූදානම් කර ඇත.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුල මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කර ඇත.

ඒ අනුව එක් මං තීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුල එම මාර්ගයේ වාහන තදබදයක් ඇතිවීමට ඉඩකඩ ඇති බව දැනුම් දී ඇත. එබැවින් එහි ඉදිකිරිම් සිදුකරනු ලබන කාලය තුල කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා ඇත. 

මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්

මෙන්න තවත් තෙල් මිලක වෙනසක් රියදුරන්ට සුභ ආරංචියක්