කොළඹම කම්පා වෙයි - ග්‍රෑන්ඩ්පාස් සැකකටයුතු මරණයක්

Report

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ හේනමුල්ල කඳවුර ප්‍රදේශයේ පදිංචව සිටි පුද්ගලයෙකු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව රෝහල් පොලීසිය පවසා ඇත.

ඊයේ (28) පොලීසිය සඳහන් කළේ, රාත්‍රී මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කර ඇති අතර අද (29) අලුයම් කාලයේදී ඔහු මියගොස් ඇති බවය.

රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - වෙසක් වෙනුවෙන් පාරවල් වෙනස් වෙයි - ආයේ මේ පාරෙන් යන්න

රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - වෙසක් වෙනුවෙන් පාරවල් වෙනස් වෙයි - ආයේ මේ පාරෙන් යන්න

මරණකරු 65 හැවිරිදි හේනමුල්ල කඳවුර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර පහරදීමක් හේතුවෙන් සිදුවූ තුවාල මත මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ