රියදුරන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක් - වෙසක් වෙනුවෙන් පාරවල් වෙනස් වෙයි - ආයේ මේ පාරෙන් යන්න
පොලිසිය නිවේදනය කර ඇත්තේ අද (29) 2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය මුල් කරගෙන විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව අද සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන සර්වඥ ධාතු පෙරහර හේතුවෙන් මාතර - හක්මණ මාර්ගයේ තිහගොඩ ජාතික පාසල අසල සිට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට තීරණය කර ඇත.
පොලිසිය නිවේදනය කරේ පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ආරම්භ වී මාතර දෙසට ගමන් කරමින් මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අසලින් අවසන් වීමට නියමිත බවයි.
ඒ අනුව මාතර දෙස සිට මිද්දෙණිය හා හක්මණ දෙසට ගමන් කරන වාහන දියගහ හන්දියෙන් අපරැක්ක හරහා යටියන දෙසට ගමන් කර විකල්ප මාර්ග භාවිත කළ හැකි බව දැනුම්දී ඇත.
එසේම මිද්දෙණිය සහ හක්මණ දෙස සිට මාතර දෙසට පැමිණෙන වාහන යටියන, අපරැක්ක සහ දියගහ හන්දිය හරහා ගමන් කළ හැකිය.
දෙයියන්දර සහ කඹුරුපිටිය දෙස සිට මාතරට පැමිණෙන වාහන සඳහාද විකල්ප මාර්ග හඳුන්වා දී ඇති අතර, කඹුරුපිටිය ගම් උදාව හන්දියෙන් හෝ තිහගොඩ පොලතුගොඩ - පහළ විටියල - නාරංගල - කද්දුව - මාළිම්බඩ - අකරැස්ස මාර්ගය භාවිත කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.
මාර්ග වසා තබන කාලය තුළ රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් අනුව කටයුතු කරන ලෙස පොලීසිය රියැදුරන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.