ගුරු පුරප්පාඩු 23344 ගැන තවත් ප්‍රශ්නයක් - උපාධිධාරීන් අධ්‍යාපන අමාත්‍යාංශය වටලයි
දහසක් පමණ වන අධ්‍යාපනවේදී උපාධිධාරින් ගුරු සේවයට ඇතුළත් කිරීමට ආණ්ඩුවෙන් නිසි ලෙස සහතිකයක් ලබා දෙන තුරු දිගටම ඉසුරුපය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරුද්ධතාවයක නිරත වන බවට අධ්‍යාපනවේදී උපාධිධාරී එකමුතුවේ නියෝජිත ප්‍රදීප් දිිිිිිිල්ශාන් ඉලංගසිංහ පවසයි.
ඒ අනුව අද (02) උදෑසන අධ්‍යාපනවේදී උපාධිධාරිී එකමුතුව මෙම උද්ඝෝෂණය ආරම්භ කළ අතර මේ වන විටත් එය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන බව වාර්තා වේ.
ඔවුන් පෙන්වා දෙන්නේ ගුරු පුරප්පාඩු 23344ක් පිරවීමට ආණ්ඩුව ගැසට් කිරීමට යන බවත් එහිදී තම උපාධිධාරින් ඊට ඇතුළත් කිරීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීමට තීරණය කර තිබෙන බවත් ය.
එය අධ්‍යාපනවේදි උපාධාරීන්ට කරන බලවත් අසාධාරණයක් බවත් ඒ හේතුවෙන් ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ මෙම උපාධිධාරින් දහස ද ඇතුළත් කිරීමට ක්‍රියාකරන ලෙසයි.
එමෙන්ම ගුරු වෘත්තියට ඇතුළත් වීමට අධ්‍යාපනවේදී උපාධිය ප්‍රමාණවත් වන අතර එය ගුරු ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති හෙයින් සම්මුඛ පරීක්ෂණ පවත්වා තම සාමාජිකයින් ගුරු සේවයට ඇතුළත් කර ගැනීමට හැකි බවත් එබැවින් ඉදිරියේදී එන ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තම සාමාජිකයින් ගුරු සේවයට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුවට බල කරමින් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපනවේදි උපාධිධාරී එකමුතුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.