කොළඹට අද ලොකු කලබලයක් - රජය දැඩි තීරණයක
ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා බල කරමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (02) වන විට 8වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බව සංගමය නිවේදනය කර තිබෙනවා.
පසුගිය ජනවාරි 30 වැනිදා උපවාසය සිදු කරගෙන යන ස්ථානයට පැමිණි ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහතා ප්‍රකාශ කළේ, ඊළඟ දිනයේදී ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවක් ලබා දීමට රජය සූදානම් බවයි. කෙසේ වෙතත්, එම පොරොන්දුව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රජයෙන් තවමත් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබීම උපවාසය දිගටම පවත්වාගෙන යාමට හේතු වී තිබෙනවා.
අද දිනයේදී මෙම උපවාසයට සහයෝගය දැක්වීම සඳහා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන කිහිපයක් කොළඹට පැමිණ දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා පවසා තිබෙනවා.
ඔහු මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, රජයේ මෙම නොසලකා හැරීම නිසා උපවාසකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින බරපතල වෙමින් පවතින බවත්, ඔවුන්ගේ ඉල්ලීම් සාධාරණ හා නීත්‍යානුකූල බවත්ය.
ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ, තමන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් වහාම සාකච්ඡාවකට යොමු වී විසඳුමක් ලබා දෙන ලෙසයි. එසේ නොවුණහොත් උපවාසය තවදුරටත් දිගටම පවත්වාගෙන යන බවත් ඔවුහු අවධාරණය කර තිබෙනවා.