ගොවීන්ට රජයෙන් සහනයක් - ගබඩාවල ඉඩ මදි වුණොත් පුද්ගලික අංශයේ ගබඩාත් ගන්න සූදානම් - කැබිනට් ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්"
යල කන්නයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඊයේ (13) දිනයේදී ආරම්භ කිරීමත් සමග ඊයේ දිනයේදී රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් වී මිලදී ගැනීම් සිදුකර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර තිබේ.
ඒ අනුව මෙට්‍රික් ටොන් 25ක වී මිලදී ගැනීම් ඊයේ දින සිදුව ඇති බව අමාත්‍යවරයා පැවසුවේ රජය බලාපොරොත්තු වනුයේ සමස්තය වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට බවත් පැවසූ අමාත්‍යවරයා ඒ අනුව එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2,500ක් මිලදී ගැනීමට කටයුතු කරන බවද මෙහිදී පැවසීය.
තව දුරටත් ඔහු සදහන් කළේ මෙවන් අදහසක්
"ඊයේ තමයි මේක ආරම්භ කළේ ක්‍රමානුකූලව වී ගබඩා 148ක වී මිලදී ගැනීමට කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 39,500ක් වී මිලදී ගන්න. ඊයේ දිනයේදී මෙට්‍රික් ටොන් 25ක් ලැබිලා තිබුණා. රුපියල් මිලියන 3ක පමණ වී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන තිබුණා. දැන් 2,500 මදිද වැඩිද අඩුද කියන එක මිලදී ගැනීමේ ක්‍රියාවලිය යනකොට තමයි තීන්දු කරන්න වෙන්නේ දැනට එක් ගොවියෙකුගෙන් 2,500 තමයි එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නේ. මේ ගබඩාවල ඉඩපහසුකම් නොමැති වුණොත් රජය මැදිහත්වෙලා පුද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව අරගෙන ගබඩා කිරීම් කටයුතු කරනවා."