ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා මෙන්න - රටම හොයපු පුංචි ධනෝෂ් [PHOTO]

Report

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට කුරුණෑගල, ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂණ වීරසේකර සිසුවා සමත්ව ඇත.

ධනෝෂ් තීක්ෂණ වීරසේකර සිසුවා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍යයෙන් සමස්ත ලකුණු සංඛ්‍යාව 193ක් ලබා දිවයිනේ ප්‍රථමයා බවට පත්ව ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සටහනට අනුව සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගත් සිසුවා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මොහුව නිල වශයෙන් තහවුරු කර ඇත.

5 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පියන්ට අති විශේෂ නිවේදනයක් - මෙවැනි ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ප්‍රචාරණයට දැඬි දඬුවම්

5 ශ්‍රේණිය දරුවන්ගේ දෙමව්පියන්ට අති විශේෂ නිවේදනයක් - මෙවැනි ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ප්‍රචාරණයට දැඬි දඬුවම්

ධනෝෂ් තීක්ෂණ වීරසේකර සිසුවා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ඔහු අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වීමට බවයි.

සිසුවා කුඩා කාලයේම මව් සෙනෙහස අහිමි වූ දරුවෙක් බවත් ඔහු තම පියා සමඟ වෙසෙන බවත් වාර්තා වේ. පියා විසින් දැඬි පරිශ්‍රමයක් යොදමින් දරුවාට සහ ඔහුගේ අධ්‍යාපනයට අපමණ සහයක් ලබා දීම විශේෂයෙන් අගය කල යුතු කරුණකි. 

නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්

නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක් - විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ මාධ්‍ය හමුවක්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට දිනයක් ඉදිරියේදී - ජනප්‍රිය පාසලකට යාමට අවශ්‍ය ලකුණත් ඉදිරියේදී - විභාග කොමසාරිස් ජනරාල්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයට දිනයක් ඉදිරියේදී - ජනප්‍රිය පාසලකට යාමට අවශ්‍ය ලකුණත් ඉදිරියේදී - විභාග කොමසාරිස් ජනරාල්

ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා මෙන්න - රටම හොයපු පුංචි ධනෝෂ්  | Island 1St In Grade 5 Scholarship Exam