අද සහ හෙට දිනය ගැන සියලු රාජ්‍ය ආයතනයන්ට විශේෂ දැනුම් දීමක්.(VIDEO)
Sri Lanka
Government service
By Aruna
ඉදිරි දින කිහිපය ජනතාවට ජීවත්වීමට ඉතා අසීරු තත්ත්වයක් උදාකරනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අද (30) සහ හෙට (31) රාජ්‍ය ආයතනවල නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට යන්නැයි රජයට නිර්දේශ කරන බවයි.
"මේ තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා.
මේ සඳහා අවශ්‍ය නිසි පියවර කිසිම ආයතනයක් මගින් ලබාගෙන නෑ. විදුලි අර්බුදය ඇතිවෙලා තියෙන්නේ මූල්‍ය අර්බුදය නිසා."
"අද සහ හෙට කියන දවස් දෙක අපි රජයට නිර්දේශ කළේ, රජයේ ආයතනවලට නිවසේ සිට වැඩකිරීමේ අවස්ථාව සලසා දෙමින් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට."
"ඉදිරි දවස් කිහිපය ඉතාම අසීරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ."
"නිදහස් වෙළෙඳ කලාපවලට විදුලිය දීමටත් අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා."
දර්ශන ලබා ගැනීම දෙරණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |