රාජ්‍ය සේවයටත් මේ දේ කළොත් ලක්ෂ 07කට ගෙදර යන්න වෙයි..ගුවන් හමුදාව විශේෂ තීරණයක් ගනී.

Sri Lanka Politician Government Employee Government Of Sri Lanka Sri Lanka Air Force
By Aruna Apr 13, 2024 05:27 AM GMT
Aruna

Aruna

Report

2030 වසර වන විට ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව අඩු කිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ගුවන් හමුදා මූලස්ථානයේ පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු මේ බව ප්‍රකාශ කළේ.

ගුවන් හමුදාපතිවරයා කියා සිටියේ, මේ වනවිට 35,000ක ගුවන් හමුදා සාමාජිකයන් ප්‍රමාණයක් සිටින බවත් එය 18,000 දක්වා අඩු කරන බවයි.

තොරතුරු තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය, යුඅයිබි තාක්ෂණය යොදා ගනිමින් ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව අඩු කිරීමට බලාපොරොත්තු වන බව, උදේනි රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උදේනි රාජපක්ෂ මහතා,

වාණිජ වෙළෙඳපොළේ දැනට පවතින තාක්ෂණය පවා යොදා ගනිමින් අපිට පුළුවන් භට පිරිස් අඩු කළ හැකියි. "උදාහරණයක් හැටියට කියනවා නම්.

අපිට දැන් අපේ පිරමීටර් සිකියුරිටි. අපේ එක එයාර්බේස් එකක් කිලෝමීටර් ගණනාවක්. සමහරවිට කිලෝමීටර් 10ක් විතර වෙනවා. වටේට අපි භටයින් කී දෙනෙක් නවත්වන්න ඕනේ ද?

ඒවා අපිට කැමරා වගේ දේවල් යොදාගෙන ඒවා අපිට තොරතුරු තාක්ෂණය යොදා ගෙන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගෙන යුඅයිබි තාක්ෂණය යොදා ගන්න පුළුවන්.

ඉස්සර එක භටයෙක් ඉදිරි බලාගෙන ඉන්නවා යම් සීමාවක. අද අපිට ඩ්‍රෝන යානාවක් යොදා ගෙන සමහර විට කිලෝමීටර 5ක් විතර ඒ ඩ්‍රෝන යානාව යොදා ගෙන එක පාර ආවරණය කරන්න පුළුවන්.

ඉතින් ඒ වගේ තාක්ෂණය යොදා ගෙන බොහොම සරල තාක්ෂණය යොදා ගන්න තමා අපි හදන්නේ. අපේ භට පිරිස් ප්‍රමාණය අඩු කරන්න.

ඒ වගේ අපි තාක්ෂණයෙන් ඉස්සරහට යනවා ඒක අපි නවත්තනේ නෑ.

එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දවස්වල 35,000ක හමුදාවකින් දුන්න මෙහෙයුම් සාක්ෂතාවය අපි බලාපොරොත්තු වෙනවා 2030 වෙද්දී 18,000ක් වගේ පිරිසක් යොදාගෙන ඊට වඩා ඉස්සරහට ගිය මෙහෙයුම් සාක්ෂතාවයක් ස්ථාපනය කරන්න."