මේ සතිය තුල රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරන්න යන දේ මෙන්න..

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Mar 06, 2023 06:26 AM GMT
Aruna

Aruna

Report

මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

09 වන පාර්ලිමේන්තුවේ 4 වන සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව පත්කරනු ලැබු කෝප් කමිටුව පළමු වරට පසුගිය සතියේ රැස්වු අතර එහි සභාපති ධුරයට මහචාර්ය රංජිත් බණ්ඩාර පත්කර ගනු ලැබීය.

රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් කෝප් කමිටුව ්‍ර රැස්වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඊට අමතරව හෙට දිනයේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් ද කැඳවා ඇති බව වාර්තා වේ.

අනිද්දා (08) දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා තිබේ.

මේ අතර මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරය හෙට පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

හෙට දිනයේ දි මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now