හෙට සිට රජයේ සේවකයන්ට වැටුපෙන් බාගයයි..?වැඩි විස්තර මෙතනින් බලන්න.(VIDEO)

Government Employee Sri Lanka
By Aruna Sep 29, 2022 11:08 PM GMT
Aruna

Aruna

Report
110 Shares

එන මාසයේ සිට රජයේ සේවකයන්ට ලබාදෙන්නේ වැටුපෙන් බාගයක් බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

ඒ රජයට මුදල් නැති නිසා බවද ඔහු පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති අධි ආරක්ෂිත කලාප ගැසට් පත්‍රයෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.

විරෝධතා වල යෙදෙන ජනතාවට පොලිසිය විසින් ගහන්නේ ඇඟ කසන කුණු වතුර බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now