ලබන 20 වනදා සිට පාසැල් ඇතුලු සියලු ආයතනයන්ට කරන්න යන දේ මෙන්න..
පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට සතියක් හෝ සති දෙකක කාලයක් සියලු රාජ්‍ය ආයතන සහ පාසල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.
ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ගනු ඇති බවද සඳහන්.
මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වලට අද (17) දින නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරුණා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඊයේ සාකච්ඡාවක් පැවති අතර, ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන්ද ඊට එක්ව සිටියා.
එහිදී මේ පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුද අද(17) ආරම්භ වනවා.
ඉන්ධන අර්බුදය හමුවේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරත ගුරුවරුන්ට රුපියල් 1,200ක අමතර දෛනික දීමනාවක් ලබාදීමටත්, උත්තර පත්‍රයක් ඇගයීම වෙනුවෙන් වන දීමනාව සියයට 25 කින් ඉහළ දැමීමටත් එහිදී තීරණය කෙරුණු බවයි සාකච්ඡාවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.
මේ අතර 2021 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් වලට සිසුන් ඇතුලත් කිරීමේ ගැටලු වලට අදාළ අභියාචනා ලබන 30 වනදා තෙක් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
එක් සිසුවෙකුට ඉදිරිපත් කල හැක්කේ අභියාචනා අයදුම් පත්‍ර 1ක් පමණක් වන අතර එම අයදුම්පත මගින් පාසල් 3 ක් සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කළේ, සිසුවා ලබා ඇති ලකුණු මට්ටමට නොගැළපෙන පාසල් ඉල්ලුම් කර ඇත්නම් අභියාචනා ක්‍රියාවලිය මගින්ද එවැනි පාසල් හිමි නොවනු ඇති බවයි ජාතික පාසල් වල 2023 වසරේ - පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට අදාළ අයදුම්පත්‍රය සහ උපදෙස් මාලාව ද අද නිකුත් කෙරුණා.
මේ අතර පවතින සම්පත් හිඟය මත රාජ්‍ය වියදම අවම කරගැනීම සඳහා රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලය යෙදවීම සීමා කිරීමට අදාළව සිකුරාදා දින නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය ද අද නිකුත් කළා.
ඒ අනුව එළඹෙන 24 වන සිකුරාදා සිට රාජ්‍ය නිලධාරීන්ට නිවසේ රැඳී සිට කෘෂිකාර්මික හා වගා කටයුතුවල යෙදීමට අවස්ථාව සළසා දී තිබෙනවා.
මාස 3ක කාලයක් සඳහා සෑම සතියකම සිකුරාදා දිනයේ නිවසේ රැඳී සිටිමින් ආහාර භෝග වගා කිරීමට ඒ අනුව අවස්ථාව සැළසෙනු ඇති.
එමෙන්ම අත්‍යවශ්‍ය අවම නිලධාරීන් සංඛ්‍යාවක් යොදාගනිමින් අධිකරණ කටයුතු සතියේ දින පහේම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට අධිකරණ සේවා කොමිසන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ඇතුලු සියලු අධිකරණ වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |