පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?
මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කළ වෙනත් පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායමලින් තරඟ කළ අය අතර ගමට වැඩක් කළ හොද අයත් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
එහි දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ " කොළඹ මහ නගර සභාවේ බහුතර බලය තියෙන්නේ අපිට. මන්ත්‍රීධූර 48 ක් තියෙනවා. සමගි ජන බලවේගයට 29 යි තියෙන්නේ. අපි තමයි වැඩිම මන්ත්‍රීධූර ප්‍රමාණයක් ගත්ත දේශපාලන පක්ෂය. අපි තමයි කොළඹ මහ නගර සභාව දිනලා තියෙන්නේ. හැබැයි දැන් මතයක් හදන්න හදනවා අපි බහුතර ආසන ප්‍රමාණයක් ගත්තට අපි පැරදිලා කියලා. නෑ අපි පැරදිලා නෑ මාලිමාව අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. සභාව පිහිටවද්දි අපිට දැනටමත් බහුතරය තියෙනවා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා. ස්වාධීනව ඉල්ලපු අය ගොඩක් ඉන්නවා ඒ අයගෙ සහයෝගයත් අරගෙන බහුතර බලය ලබා ගන්න පුළුවන් කියලා...... ඒ නිසා අපිට බලය පිහිටුවන්න අභියෝගයක් නැහැ." ලෙසයි.
තවද දේශපාලන පක්ෂ ලෙස නොව තනි තනිව එවන් පුද්ගලයන් සමග බහුතර බලය සකස් කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව ඔවුන් සමඟ ම එක්වී ඉදිරියේදී පළාත් පාලන ආයතන තුළ බලය පිහිටුවීමට කටයුතු කරන බව ද ඔහු එහි දී පැවසුවා.
විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේ රූපවාහිනී වැඩ සටහනකට එක් වෙමින්.
