රට සවාරි මෙච්චරයි, වියදම් මෙච්චරයි....... ජයතිස්ස කියයි.
2022 සිට 2024 යන වසර තුනක කාලය තුළ දී විදෙස් සංචාර විසිතුනකට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
ඒ අද (8) පැවති පාර්ලිමේන්තු සැසිවාරයට එක් වෙමින්.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම විදෙස් සංචාර සහ ඔහු වෙනුවෙන් නියෝජිතයන් සහභාගී වූ විදෙස් සංචාරවලට කෝටි 102 කට වැඩි මුදලක් වැය වූ බව ද ඔහු එහි දී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති 2022 වසරේ විදේශ සංචාර හතරකට සහභාගී වී ඇති බවයි.
එසේම 2023 වසරේ විදෙස් සංචාර 14 ක් සහ 2024 වසරේ විදෙස් සංචාර 5 ට ද මෙසේ සහභාගී වී ඇත.
මෙම ප්‍රකාශ අමාත්‍යවරයා සිදු කළේ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මතු කළ ගැටළුවකට පිළිතුරු වශයෙන්.