රජයේ වී මිලට ගැනීමේ සුදානම හා අලෙවි මණ්ඩලය සතුව ඇති පහසුකම් වල ගැටුම...

Report

 පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ වී මෝල් හිමියන් රජය විසින් නියම කළ මිලට වඩා වැඩියෙන් වී මිළදී ගන්නා බවට වාර්තා වනවා.

ඒ අනුව සහතික මිලට වඩා රුපියල් 05 ත් 10ත් අතර වැඩි මුදලක් ඔවුන් මෙලෙස ගොවීන්ට ලබා දෙන බවයි  වාර්තා වන්නේ.

රුපියල් 11000ක නිසා ජිවිත කාලයෙන් වසර හතක්...

රුපියල් 11000ක නිසා ජිවිත කාලයෙන් වසර හතක්...

වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කටත් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ඊයේ ප්‍රකාශ කළා.

ඒ අනුව ගොවීන්ගේ වී මිළදී ගැනීම සදහා අද සිට ගබඩා විවෘත කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සදහන් කළේ.ඇතැම් ප්‍රදේශවල සිය අස්වනු විකුණා ගැනීමට වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවලට ගිය ගොවීන්ට ආපසු හැරී යාමට සිදුවුණේ ගබඩා පහසුකම් තවමත් සූදානම් කර නොතිබීම හේතුවෙන්.

නල ජලය ගැන එළියට ආපු සිහි නැතිවෙන හෙළිදරව්ව...(VIDEO)

නල ජලය ගැන එළියට ආපු සිහි නැතිවෙන හෙළිදරව්ව...(VIDEO)

වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් 114ත් 120ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බැවින් අවම වශයෙන් වී කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රුපියල් 140ක් දක්වා වැඩි කළ යුතු බවයි ගොවීන් පවසන්නේ.

කෙසේ වෙතත්, වී මිළදී ගැනීමට සුදානම් වුවත් ඊට අවශ්‍ය ඇතැම් පහසුකම් වී අලෙවි මණ්ඩලය සතුව නොමැති බවයි එහි සභාපති මංජුල පින්නලන්ද කියා සිටියේ.

වි මිලදී ගැනීම සදහා මණ්ඩලය සතුව ඇත්තේ එක ලොරියක් බවත් ඔහු සදහන් කළා.

You may like this video