මියන්මාරයේ පාසලකට මිලේච්ඡ ගුවන් ප්‍රහාරයක් අහිංසක සිසුන් 19ක් මරුට, 22 ට තුවාල
මියන්මාරයේ බටහිර රඛයින් ප්‍රාන්තයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවම ලෙස උසස් පාසල් සිසුන් 19 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
එසේම තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්ගික සන්නද්ධ කණ්ඩායමක් වන අරකාන් හමුදාව (Arakan Army) ප්‍රකාශ කළ බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව වාර්තා වූ ආකාරයට මෙම සිදුවීම ඊයේ (12) දින කියුක්ටෝ (Kyauktaw) නගරයේදී සිදුවී තිබෙනවා.
අඳාළ ප්‍රදේශයේ අරකාන් හමුදාව සහ මියන්මාර හමුදාව අතර දරුණු ගැටුම් පැවති බව පවසයි. එමෙන්ම අරකාන් හමුදාව නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම ගුවන් ප්‍රහාරය පෞද්ගලික උසස් පාසල් දෙකක් ඉලක්ක කර ගෙන එල්ල කර තිබෙන බව වාර්තා වේ.
ප්‍රහාරයෙන් මියගිය සිසුන්ගේ වයස් සීමාව අවුරුදු 15ත් 21ත් අතර වන බව පවසයි. එසේම මෙම ප්‍රහාරය එල්ල කළේ එරට පාලක හමුදා ජුන්ටාව බවත් අරකාන් හමුදාව චෝදනා කරයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කළේ,"අහිංසක සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් අපිත් ඔවුන්ගේ පවුල් මෙන් දුක් වෙනවා" යනුවෙන් අරකාන් හමුදාව සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබූ බවයි.