ආනයන සීමා ගැන රජය කියන දේ.

Sri Lanka Government Of Sri Lanka
By krishani Mar 03, 2023 09:46 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසයි.

එය ක්‍රියාවට නැංවීමේ දී දුගී ජනතාව සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක් වූ පිරිස් ආරක්ෂා විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

නව බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හරහා ණය හිමියන්ගේ විශ්වාසය නැවතත් ළඟාකර ගැනීමට හැකි වනු ඇති බව එම අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ මෑතකදී ක්‍රියාවට නංවා ඇති නව බදු ප්‍රතිපත්ති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන ප්‍රමිතිවලට අනුකූල බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානියා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join