දරුවන් හදන්න අම්මලාට වගේම තාත්තලාටත් වැඩියෙන් ලැබෙන පීතෘ නිවාඩු..

Japan
By krishani Mar 28, 2023 10:08 AM GMT
krishani

krishani

Report

දරුවන් ලැබුණු පසු කාන්තාවන්ට රැකියා නිවාඩු ලබා දීම සාමාන්‍ය තත්ත්වයක් වුව ද ඇතැම් රටවල එම කාන්තාවන්ගේ සැමියාට ද පීතෘ නිවාඩු ලබාදීම දැකිය හැකි ය.

ජපානය ද එවැනි රටවල් වලින් එකක් වන අතර සති හතරක කාලයක් ඒ ආකාරයෙන් නිවාඩු ලබා ගැනීමට ජපාන රජය එම පියවරුන්ට ලබා දී ඇත.

එම පිතෘ නිවාඩු ගන්නා පියවරුන්ගේ ප්‍රතිශතය සියයට 14ක් වන අතර බොහෝ පියවරුන් එම නිවාඩු ලබා නොගනී.

රැකියාවල උසස්වීම් වැනි දෑ සදහා නිවාඩු ගැනීමෙන් බලපෑමක් වනු ඇති බවට වන බිය යන කාරණා මෙයට බලපා ඇති බවත් මෙම ප්‍රතිශතය මීට වඩා ඉහළ දැමීමට ජපානයේ අගමැති ෆුමියෝ කිෂිදා වැඩපිළිවෙළක් දියත් කිරීමට සූදානම් වන බව ජපන් මාධ්‍ය වාර්තා කර කළේ ය.

කෙසේවෙතත්, දරුවන් හැදීමේ දී කාන්තාවන්ට වැඩි වැඩ කොටසක් කරන්නට සිදුවීම නිසා ද කාන්තාවන් ඒ සඳහා පසුබට වන බව හෙළි වී ඇති අතර පීතෘ නිවාඩු ගැනීම සඳහා සැමියන් පෙළඹවීමට රජය සැලසුම් කර ඇත.

පීතෘ නිවාඩු ප්‍රවර්ධනය කිරීමට අමතරව තවත් පියවර කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර ඇති අතර දරුවන් හදාවඩා ගැනීම සඳහා ලබා දෙන ආධාර ඉහළ දැමීම ඉන් තවත් එක් පියවරකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join