ජපන් රජයෙන් මෙරට කාන්තාවන් වෙනුවෙන් පරිත්‍යාගයක්.
Japan Sri Lanka Relationship
Japan
By krishani
ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා වන මානුෂීය ආධාර වෙනුවෙන් ජපාන රජය අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක් ලබා දී ඇත.
ඒ එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය වෙත ජපානය විසින් එම අරමුදල් ලබා දීම සිදු කර ඇත.
මෙම අරමුදල් 2023 පෙබරවාරි සිට 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වන “අර්බුදකාරී කාන්තාවන් සවිබල ගැන්වීම” නම් නව ව්‍යාපෘතියක කොටසක් වේ.
එය දරුවන් ඇතුළුව කාන්තාවන් 1,200 කටවත් සහාය වනු ඇති අතර ආර්ථික අර්බුදයෙන් අවදානමට ලක්ව ඇති කාන්තාවන් ප්‍රමුඛ ක්ෂුද්‍ර ව්‍යවසායන් 500 දෙනෙකුට සහ දරිද්‍රතාවයේ හා මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයන් 2,000 කට වැඩි පිරිසකට එය සහාය වනු ඇති බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki පවසා ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
