තෙවන විශාලතම ආර්ථිකය හිමි රට ගැන හෙළිදරව්වක්.

Government Of India India
By krishani මාස 1 කට පෙර
krishani

krishani

Report

ඉන්දියාව එරට තුළ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්ති හමුවේ 2027 – 2028 කාලසීමාව වන විට ලොව තෙවන විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ආර්ථික විද්‍යාඥයෙකු වන Arvind Panagariyaගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ය.

6.5% වේගවත් ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන ඉන්දියාව එය ඉදිරි වසර කිහිපය ඇතුළත 7% ක් දක්වා වර්ධනය කර ගනු ඇති බවත්  ඉන්දීය රජයේ සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති හමුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම රජයේ සැලසුම් ඉතාම විශ්වාසදායී බැවින් ඉන්දීය ආර්ථික ඉදිරි වසර කිහිපය ඇතුළත අඛණ්ඩව වර්ධනය වනු ඇති බව ඔහු පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join