ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පොරොන්දුවක්..
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් තත්ත්වයට ගෙන ඒමට සහ එහි යහපැවැත්ම ගොඩනැගීමට ඉන්දීය රජය කැපවන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය ජෛයිශංකර් කාම්බෝජයේ පැවැත්වෙන 2022 ආසියන් සමුළුව අතරතුර මෙරට විදේශ අමාත්‍යවරයා හමුවෙමින් පවසා ඇත.
එමෙන්ම නව ධුරයේ වැඩ කටයුතු සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් සුබ පැතුම් එක් කර තිබෙන අතර ඉදිරියේ දී විශ්වාසවන්ත හා සමීපතම මිත්‍රයෙකු ලෙසින් ශ්‍රී ලංකාවට සහය පූර්ණ වශයෙන් ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |