රජයේ ප්‍රධාන රෝහලක හදිසියේම සැත්කම් නවති..

Sri Lanka
By krishani Sep 14, 2022 08:18 AM GMT
krishani

krishani

Report

වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ නොමැතිවීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් මසක පමණ සිට තාවකාලිකව නතර කර ඇත.

වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ග 3 ක පමණ හිගයක් පවතින අතර දකුණු පළාත ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කොළඹදී අද(14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දිවයිනේ රෝහල්වල විශාල ඖෂධ හිඟයක් පවතින බවත්, ඇතැම් ඖෂධවල මිල අධික බැවින් රෝගීන් මියයාමේ වැඩි හැකියාවක් පවතින බවත් ය.

ReeCha