රාජ්‍ය සේවකයෝ කෑම පැයේ විරෝධතාවක.
අද (30) දිනයේ දිවයින පුරා 2024 අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කර තිබෙනවා.
ඒ සඳහා සංවර්ධන නිලධාරී, කළමනාකරණ සේවා නිලධාරී, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, කාර්යාල සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු සේවා ගණනාවක් සම්බන්ධ වී තිබෙනවා.
මෙම විරෝධතාව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව අද දහවල් 12ට දිවා ආහාර කාලයේ මෙම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න පවසන්නේ මෙවර අයවැය තුළින් සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබානොදෙන්නේ නම් නොවැම්බර් 13 වනදායින් පසුව වර්ජන ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි.
වෘත්තීය සමිති විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුවේ මීළඟ ප්‍රයත්නය බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සහ හෙට (31) යන දෙදින තුළ දිවයින පුරා දෙවන් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටියගේ සඳහන් කළේ සිය වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීම බලධාරීන් විසින් දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත පැවසුවේ දිවයින පුරා විරෝධතා රැල්ලක් ඇති කිරීමට රටේ සියලු පාර්ශව දායකත්වය ලබාදිය යුතු බවයි.
