අතිකාල දීමනා වංචා චෝදනාව - ආනන්ද පාලිත රිමාන්ඩ්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා සම්බන්ධයෙන් සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් පිළිබඳ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරී ආනන්ද පාලිත මහතා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2015 සිට 2019 දක්වා කාලසීමාව තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා ලෙස රුපියල් 3,111,000ක මුදලක් අක්‍රමික ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඔහු ඊයේ (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව අද (17) ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ආනන්ද පාලිත මහතා අධිකරණයට රැගෙන එන අවස්ථාව දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු ද අධිකරණ භූමියට පැමිණ සිටියහ.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වන අතර, ආනන්ද පාලිත මහතා ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිත බව වාර්තා වේ.