රජය හදිසියේ ඉන්දියාවෙන් ඔක්සිජන් මිලට ගැනීමට සූදානම් වේ
මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එළඹෙන සතියේදී එම මිලදී ගැනීම සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි. එලෙස ඔක්සිජන් මිලදී ගැනීම අවශ්‍ය පරිදි ඉදිරියටත් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මීට පෙර (අගෝස්තු 12) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔක්සිජන් සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින්...
කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් මෙරට නිපදවූ ඔක්සිජන් ධාරිතාව මේ වන විට උපරිම මට්ටමකින් භාවිත කෙරෙන හෙයින් ඔක්සිජන් ආනයනයට ද ක්‍රියාමාර්ග ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
කෙසේ නමුත්, ආනයනය කිරීමට නියමිත අදාළ රටවල් යම් හෙයකින් ඔක්සිජන් ලබා දීම නවතා දැමුවහොත් කුමක් කළ යුතු ද? යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවත් ඊට යම් විකල්පයක් වශයෙන් දැනටමත් රෝහල් ආශ්‍රිතව ඔක්සිජන් නිපදීමට අවශ්‍ය යන්ත්‍ර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය..
"දැනට තියෙන ඔක්සිජන් ලංකාවේ නිෂ්පාදන ධාරිතාව උපරිමයට මේ වෙනකොට භාවිත කරනවා. ඒකට විකල්පයක් හැටියට ඔක්සිජන් පිටරටින් ගෙන්නන එකත් දැන් ආරම්භ කරලා තියෙනවා. නමුත් ඔක්සිජන් පිටරටින් ගෙන්නන එකෙත් සීමාවක් තියෙනවා. මොක ද අපි දන්නවා ඒ රටවල් හිටපු ගමන් කිව්වොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔක්සිජන්වල, අපිට දැන් නං දෙන්න විදියක් නෑ කිව්වොත් අපි මොක ද කරන්නේ? ඒ වගේ ම තමා අපි ඔක්සිජන් ලංකාවේ රෝහල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන යන්ත්‍ර රෝහල්වලට ලබා දීලා තියෙනවා. මේ සියලු විකල්ප කරමින් ඔක්සිජන් ලබා ගැනීමේ ක්‍රියාවලිය උපරිම මට්ටමින් අපි පවත්වාගෙන යනවා. නමුත් මේ හැම දේක ම සීමාවක් තිබෙන බව මතක තබා ගත යුතුයි. ඒ නිසා තමා අපි මේ රෝගීන් වැඩි වෙන එක නවත්වාගන්න ගත යුතු ක්‍රියාමාර්ග හැම වෙලේ ම මුල්පෙළට තබා ගත යුත්තේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |