අනාගතය තවත් දරුණු වෙයි... ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්...

sri lanka President Sri lanka gotabhaya rajapaksga
By Sithumi Nov 26, 2021 01:45 PM GMT
Sithumi

Sithumi

Report

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

  එම තීරණ විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. රට ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන ලෙස ද ඔහු සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය. 

 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (26) පස්වරුවේ පැවති “ජනාධිපති අපනයන සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් “ජනාධිපති අපනයන සම්මාන උළෙල” ආරම්භ කළ අතර මෙවර පැවැත්වූයේ එහි 24 වන සම්මාන උළෙලයි. 

 ශ්‍රී ලංකාව තුළදී අපනයනකරුවෙකුට ලැබිය හැකි ඉහළම සහ අද්විතීයම සම්මානය මෙය වන අතර අපනයන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇති අපනයනකරුවන් වෙනුවෙන් ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ. 

 2019/20 හා 2020/21 මූල්‍ය වර්ෂයන්ට අදාළව මෙරට විශිෂ්ට අපනයන සමාගම් 63ක් මෙවර සම්මානයට පාත්‍ර විය. සම්මානලාභීන් තෝරාගැනීම විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරිණ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now