හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට විශේෂ දැනුම් දීමක්..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe
By krishani Aug 23, 2022 05:13 AM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකූලව හිමිවන ආරක්ෂාව පිළිබඳව රජයෙන් සහතිකයක් නොමැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට ආපසු පැමිණීමට නොහැකි වී ඇති බවට සඳහන් පැමිණිල්ලක් ලැබී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සහ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

ඕනෑම පුරවැසියෙකුට ආපසු සිය රටට පැමිණීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති කරුණු කොමිසම ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ වගන්ති උපුටා දක්වමන් ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි සදහන් කර ඇත.

කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති තර්ජන සම්බන්ධයෙන් නිසි පියවර ගෙන හිටපු ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකුලව හිමිවන ආරක්ෂාව ලබා දී ආපසු දිවයිනට පැමිණීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පවුලේ සමාජිකයින්ට ද යළි රටට පැමිණීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරන බව කොමිසම ජනාධිපතිවරයාට දන්වා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join