ජනපති විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න.

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Basil Rajapakshe Spacial gazette notice
By Aruna Oct 29, 2021 06:35 AM GMT
Aruna

Aruna

Report

දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සඳහා තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 06 කින් දිර්ඝ කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්.

ඒ අනුව ඊයේ(28) දින අවසන් වීමට තිබු මෙම ජනාධිපති කොමිසමේ නිල කාලය ලබන අප්‍රේල් 28 වැනිදා දක්වා තවත් මාස 06 කින් දීර්ඝ වනු ඇති.

මේ වසරේ ජනවාරි 28 වැනිදා පත් කළ කොමිසමේ නිල කාලය දීර්ඝ කළ තුන්වැනි අවස්ථාව මෙයයි.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 වන දින දක්වා කාලය තුළ සේවයේ යෙදී සිටි රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයින් ,සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සමාජිකයින්ට හෝ කිසියම් තැනැත්තකුට සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ තවදුරටත් විමර්ශනය කර වාර්තා කිරීමේ අරමුණින් මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්…


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


Gallery