ජනපති හදිසි තීරණයක් ගනී...රට පුරාම කරන්න යන දේ මෙන්න.

Sri Lanka Gotabaya Rajapakshe Sri Lanka defence
By Aruna Feb 08, 2022 05:34 AM GMT
Aruna

Aruna

Report

මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය .

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.

මේ අතර ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීම සම්බන්ධව ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේදී අයදුම්කරුවෙකුගෙන් බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත්කිරීමේ දී අයදුම්කරුවෙකුගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන්පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනීතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයාබලා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now