ගෝඨාභය සහ මහින්ද ඉන්දීය ප‍්‍රබලයෙකු හමුවෙයි..

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka India
By Aruna Sep 30, 2022 04:47 AM GMT
Aruna

Aruna

Report

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා කොළඹදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්චා පවත්වා තිබෙනවා.

ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ පසු හිටපු ජනාධිපතිවරයා හමුවූ පළමු විදේශ නායකයා වන්නේ සුබ්‍රමනියන් ස්වාමි මහතායි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට බදාදා සවස මෙරටට පැමිනි ඒ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී එම නිවසේ පැවති නවරාත්‍රී පූජාවට සහභාගී වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now