ගෝඨාභය රාජපක්ෂ අද අලුයම රටින් පලා යයි..(VIDEO)

Srilanka Freedom Party Gotabaya Rajapaksa Sri Lanka Sri Lanka Fuel Crisis Sri Lanka Anti-Govt Protest
By Aruna Jul 12, 2022 11:45 PM GMT
Aruna

Aruna

Report

ජූලි 9 වැනිදා පැවති මහජන උද්ඝෝෂණ හමුවේ ජනපති මන්දිරයෙන් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (ජූලි 13) අළුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව වාර්තා වූ බව බීබීසී සිංහල පුවත් සේවය පවසයි.

මෙරටින් පිටව ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට ලඟාවී ඇති අතර එහිදී දැඩි ආරක්ෂක රැකවල් මත ගුවන් තොටුපලින්‍ ඔහුව පිටතට රැගෙන යන අයුරු බවට දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල පළව තිබේ.

බලධාරීන් පවසන්නේ, ජූලි 12 වැනිදා රාත්‍රියේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිද අයෝමා හා තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.

එලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝව පහතින් බලන්න.

මෙතනින් බලන්න?

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....
 Join now