ඉන්ධන සහ ගෑස් ප්‍රශ්ණයට විසඳුමක්..ජනපති කරන්න යන දේ මෙන්න..

Ceylon Petroleum Corporation Gotabaya Rajapaksa Litro Gas Lanka IOC Sri Lanka Fuel Crisis
By Aruna Jul 04, 2022 10:58 PM GMT
Aruna

Aruna

Report

ඉදිරි දින 10 කාලය ඇතුළත ඉන්ධන හා ගෑස් අර්බුදයට විසඳුමක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

එම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවට ඉදිරි ප්‍රකාශයක් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනා සමඟ පැවති සාකච්ඡාවකදීය.

එහිදී රටේ වර්තමාන තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර අදාළ ගැටළු විසදීම සම්බන්ධයෙන් ඉදිරියේදී රටට ප්‍රකාශයක් කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now