ගෝඨාභයගේ සහ අනුරගේ පළමු සභා වාරවල සංග්‍රහ මිල වෙනස් වෙලා. - අඩු කරනවා කියලා මෙහෙම වුණේ ඇයි?

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Gotabaya Rajapaksa
By Wayomi Jan 06, 2025 12:14 PM GMT
Wayomi

Wayomi

Report

 " පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම් මෙන්න" යන මැයෙන් පසුගියදා ජාතික පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් කරුණු අවධාරණය කර තිබුනා.

එහි සඳහන්ව තිබුනේ, පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ චාරිත්‍රානුකූලව පවත්වන උත්සව කටයුතු සහ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් නවවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී රුපියල් 287,340ක මුදලක්ද දසවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබාදුන් තේ පැන් සංග්‍රහය වෙනුවෙන් රුපියල් 339,628.55ක මුදලක් වැය වී ඇති බවයි.

9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2020.08.20 වැනි දිනද 10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය 2024.11.21 යන දිනයන්හිදී පැවැත්විය.

ඒ අනුව, 9 සහ 10 පාර්ලිමේන්තුව වල මංගල සැසිවාරයන් වෙනුවෙන් පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහ කටයුතු වෙනුවෙන් දරන ලද වියදම අතර වෙනස පිළිබඳව එම නිවේදනයේ දක්වා තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

එම නිවේදනයෙන් උපුටාගත් කොටස පහතින්,

''මෙම නවවැනි සහ දසවැනි පාර්ලිමේන්තුවල පැවැත්වූ මංගල සභා වාරයන් අතර කාල පරාසය වසර 4ක් පමණ වේ. එම කාල පරාසය තුළ වෙළඳපොළේ සිදුවූ මිල උච්චාවචනයන් ප්‍රධාන වශයෙන් සංග්‍රහ වියදම් හා අනෙකුත් වියදම් ඉහළයාමට බලපා ඇත. මෙම කාල පරාසය තුළ සිදුවූ ආර්ථික පසුබෑමත් සමග භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අ‍ාහාර වර්ග සකස් කිරීම සඳහා දැරීමට සිදුවූ වියදම 2020 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේදී දළ වශයෙන් 100%කින් වර්ධනය වී තිබෙනවා.

තවද, මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් නොව ,රාජ්‍ය තාන්ත්‍රිකයින්,අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්, ආරාධිතයින් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ බව වැඩිදුරටත් දන්වනවා.''

රජයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ. - අදාල නීතිරීති මාලාව මෙන්න.

රජයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ. - අදාල නීතිරීති මාලාව මෙන්න.

You May Like This Video

 


Gallery
ReeCha