ගොවි ජනතාවට සුබ ආරංචියක්...
By Parami Dissanayake
අද (10) කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසා සිටියේ, කන්න දෙකක් ඇතුළත ගොවි ජනතාවගේ ආදායම ඉහළ නංවා ගොවි ව්‍යවසායකයින් බිහිකිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ සිය උපාය මාර්ගික සැලැස්ම තුළ ඇතුළත් බවයි.
ඒ අනුව, සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,
"මේ රටේ ජනතාවගේ කෘෂිකාර්මික ජීවිතය වෙනස් කරන විදිය අපි පෙන්වාදී තිබෙනවා. සාම්ප්‍රදායික ගොවියා වෙනුවට ගොවි ව්‍යවසායකයෙක් කරන හැටි අපි පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මම වගකීමෙන් කියනවා කන්න දෙකක් ඇතුළත ඔබේ ආදායම දෙගුණ කරන බව. එය සහතික වන ආකාරය අපගේ උපාය මාර්ගිය සැලැස්මේ සඳහන් කර තිබෙනවා."
යනුවෙන් පවසා සිටියේ ය.