හූනෝ කැරපොත්තෝ එක්ක විෂ බීජ ආකරයක් මැද හැදෙන ගෝල්ෆේස් කෑම. - කන්න කලින් මේක බලලම ඉන්න. (VIDEO)
විනෝදාස්වාදයෙන් සහ නිදහසේ කාලය ගතකිරීම සඳහා දෛනිකව ගාලුමුවදොර පිටියට පැමිණෙන ජනතාව එහි ඇති කෑම කරත්ත වලින් වඩේ, රොටී කන්න දැඩි කැමැත්තක් දක්වනවා.
කෙසේ වෙතත් එහිදී පාරිභෝගිකයන්ට ලබදෙන ප්‍රමිතියෙන් තොර ආහාර ගැන මීට අනාවරණයක් සිදු වූ අතර ගගන අප ද ඒ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් ද පළ කරනු ලැබුවා.
කෙසේ වෙතත් එම ආහාර නිසි ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කෙරෙන බවට ලද තොරතුරකට අනුව කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කොම්පඤ්ඤවීදිය සහ වොක්ෂෝල් වීදිය යන ප්‍රදේශවල එම ආහාර සකස් කරන ස්ථාන කිහිපයක හදිසි වැටලීමක්ඊයේ සිදු කළා.
ඔවුන් එහි යන විටත් එම ස්ථාන වල අල්ප මාත්‍රයකවත් සෞඛ්‍යාරක්ෂිත බවක් නොමැතිව ආහාර පිළියෙළ කරමින් සිට ඇත.
එමෙන්ම ඉස්සෝ වඩේ නිෂ්පාදනය කිරීමට වර්ණක යොදන බවද මෙහිදී අනාවරණ වී ඇති අතර හෝටල්වලින් ඉවතලන පොල්කුඩු, වඩේ සෑදීම සඳහා යොදා ගන්නා අයුරුත් මෙහිදී දැක ගැනීමට හැකි වී තිබෙනවා.
මේ අතර පුස් බැඳුණු ලූනු, රොටී සෑදීම සඳහා භාවිත කරන බවද තහවුරු වී ඇති අතර එලෙස සකස් කොට අලෙවියට සූදානම් කර තිබූ කකුළු වඩේ සහ රොටී තොගයක් ද සොයාගෙන තිබෙනවා.
තවත් ස්ථානයක් පරීක්ෂා කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට දැකගත හැකිවුණේ, හූනන් සහ කැරපොත්තන් සිටින ස්ථානයක කිසිදු පිරිසිදුකමක් නොමැතිව ආහාර පිළියෙල කරන ආකාරයයි.
පසුව එම වෙළෙඳසල් පවත්වාගෙන යන පුද්ගලයන්ට දැඩිව අවවාද කළ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කර තිබෙනවා.
