GMOA වර්ජනය අවසන්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8ට අවසන් විය.
සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවැත්වෙන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බවයි.
මෙම සංකේත වැඩවර්ජනය මගින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සහ ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමු කිරීම අපේක්ෂිත විය.
ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද රැස්වන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බව
ය එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කරයි
ඔහු තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
"පශ්චාත් සිමාවාසික ස්ථානමාරු ලැයිස්තුව සම්පූර්ණයෙන්ම තමන්ගේ දේශපාලන ප්රතිරූප පුම්බා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අවභාවිත කරමින් ඉන්නවා. දුෂ්කර ස්ථානමාරු ලැයිස්තුව සම්පූර්ණයෙන්ම විකෘති කරලා, ඒ හරහා මේ රටේ දුෂ්කර රෝහල් 150කට ආසන්න ප්‍රමාණයක් වැසී යෑමේ අවදානමක් තියෙනවා ඉදිරි මාස දෙකක කාලය අතරතුර. මේ ප්රශ්නය විසඳන්න කිසිම සුදානමක් ආණ්ඩුවට නෑ. ඒ අතරතුර සෞඛ්‍ය අමාත්‍යවරයා අපි දකිනවා මාධ්‍ය ඉස්සරහට ඇවිත් සම්පුර්ණ වැරදි තොරතුරු, දත්ත සහ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඉන්නවා හරිම උජාරුවට. ඒකෙන් පෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙලත් එතුමාට තියෙන නොදැනුවත්කම."