ග්‍රාමනිලධාරිනියගේ කන පළපු 28 හැවිරිදි තරුණිය. - (VIDEO)

Sri Lanka Police Government Of Sri Lanka
By Wayomi May 05, 2024 01:10 PM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (04) දහවල් සහනාධාර සහල් ලබානොදුන් බව පවසමින් ග්‍රාම නිලධාරිනියකට පහර දුන් 28 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස පහරදීමට ලක්ව ඇත්තේ, අංක 711 පනාපිටිය දකුණ ග්‍රාම නිලධාරි වසමේ වැඩබලන ග්‍රාම නිලධාරිනිය ලෙස කටයුතු කළ පනාපිටිය උතුර ග්‍රාම නිලධාරිනියයි.

සහල් බෙදා අවසන් කර ග්‍රාම නිලධාරිනිය කාර්යාලය වසා පිටව යාමට සූදානම්වීමත් සමගම සැකකාර කාන්තාව පැමිණ ඇයට සහල් නොදුන් බව පවසමින් මෙලෙස පහරදී ඇත.

එකම නිවසේ වෙසෙන ඇයගේ මවට සහල් ලබාදීම හේතුවෙන් ඇයට ද ලබා දිය නොහැකි බවට ග්‍රාමනිලධාරිනිය ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස උරණ වූ කාන්තාව ග්‍රාම නිලධාරිනියට බැනවදිමින් ඇයගේ ජංගම දුරකථනයෙන් එය පටිගත කර ඇති බව ද සඳහන්.