මඟුලාගමදී වෙඩිවැදී දැරියක් මරුට - කාන්තාවක් රෝහලේ

By Gagana News Feb 28, 2025 12:39 AM GMT
Report

 හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය.

හෙට්ටිපොල පොලිසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය. මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී වෙඩි වැදී ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ මිත්තණිය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර දැරියගේ මෘතශරීරය කුලියාපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අපරාධයට සම්බන්ධ බෝර 12 වර්ගයේ ගිනිඅවිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්

මුදල්, මූල්‍යකරණය හෝ මූල්‍ය යන වචන භාවිත කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නිවේදනයක්