අමානුෂික ලෙස පහරදීමකින් දැරියක් මරුට..සිදුවූ සංවේදී සිද්ධිය මෙන්න.

Police Accident Murder Gampola School children
By Aruna Dec 22, 2021 02:26 AM GMT
Aruna

Aruna

Report

ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්‍රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය මියගොස් තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුකොටගෙන දැරියගේ බාප්පා විසින් ඊයේ (21) එම පහරදීම සිදුකර ඇත.

පසුව ඊයේ අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් යළිත් දැරියට පහර දී තිබේ.

අනතුරුව දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී එම දැරිය සිහිසුන් වීම හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මිගොස් ඇත්තේ, 14 හැවිරිදි මවුන්ටෙම්පල්, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි දැරියකි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරිගගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now