වෛද්‍ය එන්නතක් ලබා දීමෙන් ජීවිතක්ෂයට පත් වූ දැරියගේ සිරුර රෝහල ඉදිරිපිට යතුරුපැදියක. (PHOTOS)
වෛද්‍ය එන්නතක් ලබා දීමෙන් අනතුරුව 17 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මේන්පුරි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
අදාල දැරිය එන්නත ලබා දීමෙන් ජීවිතක්ෂයට පත් වීමෙන් පසුව රෝහල් කාර්ය මණ්ඩලය විසින් ඇයව එළිමහනේ නතර කර තිබූ යතුරුපැදියක් මත දමා ගොස් තිබෙනවා.
ඔවුන් එලෙස සිදු කර ඇත්තේ, එන්නත විෂවීම නිසා මහජනතාව කෝපයට පත් වේයැයි බියෙන් බවයි වාර්තා වන්නේ.
උණ රෝගයක් වැළඳීමෙන් මෙම දියණිය රෝහල් ගත කර ඇති අතර ඇය තරමක් සුවය ලබමින් සිටියදී වෛද්‍යවරයා ලබා දුන් එන්නතෙන් පසු මැයට අසනීප තත්ත්වය උග්‍ර වූ බව සඳහන්.
දැරියගේ සිරුර එළියෙන් තැබූ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඒ වනවිට රෝහලේ කිසිවෙකුත් රෝහලේ නොසිටි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් පොලීසිය විසින් රෝහලේ ලියාපදිංචිය අවලංගු කර ඇති අතර මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.


